Thursday, May 18, 2017

9th of May 2017, "ARUMBU" Women District Federation was conducted a silent march and hand over the petition to Additional District Secretary in Kilinochchi District about village level issues women faced and Women headed families issues. Suport by: National Fisheries Solidarity Movement











Tuesday, May 16, 2017

கிளிநொச்சியில் தேசிய மீனவ ஒத்துழைப்பு இயக்கத்தின் ஏற்பாட்டில் அரும்பு மாவட்ட பெண்கள் சம்மேளத்தினரால் கவனயீர்ப்பு ஊர்வலமொன்று மேற்கொள்ளப்பட்டது.
ஏனைய கிராமங்களை போன்றே தங்களது கிராமத்திலும் அடிப்படை வசதிகள் வழங்கப்பட வேண்டும் என தெரிவித்து நேற்று இந்த போராட்டம் நடத்தப்பட்டது.
கிராஞ்சி, வலைப்பாடு, பள்ளிக்குடா, இரணைமாதாநகர் மற்றும் நாச்சிக்குடா கிராம பெண்கள் ஒன்றிணைந்து பெண்களால், கிராமங்கள் எதிர்கொள்ளும் பிரச்சினைகள் மற்றும் தேவைகள் தொடர்பில் மாவட்ட அரச அதிபருக்கு மகஜரொன்று கையளிக்கப்பட்டது.
இதன்போது கிளிநொச்சி பழைய கச்சேரிக்கு முன்பாக இருந்து ஊர்வலமாக புதிய கச்சேரியை சென்றடைந்து அரச அதிபருக்கான கோரிக்கைள் அடங்கிய மகஜர் கையளிக்கப்பட்டதுடன், மகஜரை மேலதிக மாவட்ட செயலாளர் பிருந்தாகரன் பெற்றுக்கொண்டார்.




පිරිමියකු නොමැතිව පවුලේ වගකීම් තනිව උසුලන ස්ත්‍රීන් පිළිබඳ ගැටලූව, පශ්චාත් යුද කාලීන උතුරෙහි දැවෙන සමාජීය ප්‍රශ්නවලින් එකකි. මේ ලිපිය, ඒ පිළිබඳ සමීප රූපයකි.
08.05.2017  | 
යාපනය දිස්ත්‍රික්කය
යුද්ධය නිසා විපතට පත්ව ‘ගෘහමූලික කාන්තාවන්’ බවට පත් වූ 300 දෙනෙක් මෙම අධ්ය යනය සඳහා සම්මුඛ සාකච්ඡාවලට භාජනය කර තිබේ.
යුද්ධය නිසා සැමියන් අහිමිව, දරුවන් සමග තනි වූ ‘ගෘහමූලික කාන්තාවන්’ ගැන කතා ඔබ කොතෙකුත් අසා ඇති බව නිසැකය. එහෙත් 16 හැවිරිදි වියේ සිට, මව් පදවිය නොලබාම දරුවන් පස් දෙනෙකුගේ සකලවිධ වගකීම් උර දරාගෙන ජීවත් වීමට සිදු වුණු ‘ගෘහ මූලික කාන්තාවක’ ගැන මින් පෙර අසා තිබේද?
තිස් වසරක බිහිසුණු යුද්ධයේ වින්දිතයන් ගැන අනුවේදනීය කතා කොතෙකුත් අසා ඇති කෙනෙකුට වුවද ඇගේ කතාව ඉදිරියේ සසල නොවී සිටිය නොහැකි වනු ඇත.
නිකොලා නිකොලා ස්කොලස්ටිකා මේරි ඇගේ නමයි. උතුරු පළාතේ වෙලෙයිප්පාඩු ගම්මානයේ පදංචිව සිටි ඇය දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණියයි. ඇයට බාල සොහොයුරන් දෙදෙනෙකු සහ සොහොයුරියන් තිදෙනෙකි. 2008 ජූලි 30 වැනිදා ඇගේ ගමට එල්ල වූ කාලතුවක්කු ප‍්‍රහාරවලින් ඔවුන්ගේ ජීවිතවල සාමකාමී පරිච්ඡේදය අවසන් විය.
සිය ගම අතහැර පලා යන ඔවුන් කෝනවිල්, මයිවාලප්පුරම්, දෙවිපුරම්, සුදන්තිපුරම්, ගම්මානවලට පසුබැස ගියද ප‍්‍රහාරවලින් ගැළවීමක් නොවීය. හරිහැටි අහරක් නැතිව, දින ගණන් නිදි නැතිව, මර බියෙන් ගෙවූ ඒ දවස්, යළි ආවර්ජනය කිරීමට නොහැකි තරම් බිහිසුණුය. අවසානයේ අම්බලම්පොක්කනෙයි පෙදෙසට පැමිණි ඔවුහු, එහි රැඳී සිටිමින් හමුදා පාලන ප‍්‍රදේශය කරා යන මං සෙවූහ. එහෙත් ඊට පෙර ඒ අභාග්‍යසම්පන්න මොහොත උදා විය.

නිකොලා ස්කොලස්ටිකා මේරි
‘‘ මට තවමත් ඒ සිද්ධියේ කම්පනය දරාගන්න බැහැ. හරියටම 2009 අපේ‍්‍රල් 21වැනිදා හමුදාවෙන් එල්ල කරපු කාලතුවක්කු ප‍්‍රහාරයකට අහුවෙලා මගේ අම්මයි තාත්තයි දෙන්නම එකම තැනදි මැරුණා. අපේ දෑස් ඉදිරිපිටදීමයි ඒක වුණේ. වයස අවුරුදු 16ක් වුණු මම පුංචි නංගිලා තුන්දෙනයි, මල්ලිලා දෙන්නයි එක්ක තනි වුණා. බාල නංගිට වයස අවුරුදු 03යි. එයාගෙ කකුලකටයි දකුණු අතටයි තුවාල සිදු වුණා. අම්මයි තාත්තයි නැති වීමත් නංගිට තුවාල වීමත් දරාගන්න බැරිව ලොකුමල්ලි දවස් ගණනක් වතුරවත් නොබී හිටියා.’’ නිකොලා පැවසුවාය.

වයස 16දී පස් දරු මවකගේ වගකීම් පැවරුණු නිකොලා, දින කිහිපයකට පසුව සෙසු අවතැන්වූවන්ද සමග චෙට්ටිකුලම්හි රාමනාදන් සරණාගත කඳවුරට ගියාය.
එහිදී මුහුණදෙන්නට සිදු වූ අත්දැකීම් ඇය මෙසේ සිහි කරයි.
‘‘මාපියන් නැති වෙලා වේදනාවට පත්වෙලා හිටපු මට නිතරම වගේ සීඅයිඞී අයගේ, හමුදාවේ හිරිහැර විඳින්න සිදුවුණා. අම්මා නැති වෙන කොටත් බාලම මල්ලි කිරි බොනවා. පස්සෙ එයා මට ”අම්මා” කිය කියා මගෙන් කිරි හොයන්න ගත්තා. ඒක මට දරාගන්න බැරි වුණා. අම්මා නැති වුණ දා ඉඳල මං එයාව හදාගත්තෙ පිටි කිරි දීලා. කඳවුරේ සිටිය කාලෙ එයාව නිතරම ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙනවා. එක දවසක් හරිම වේදනාකාරී සිද්ධියක් වුණා. දොස්තර මහත්තය කිරි බෝතලය උදුරාගෙන ‘ළමයි වදාගන්න පුළුවන් නම් කිරි දෙන්න මොකද ලැජ්ජාව‘ කියල අවමන් කළා.’’
මාස ගණනකට පසුව ඇයට සිය නංගිලා මල්ලිලා සමඟ ආපසු ගමට ඒමේ අවස්ථාව උදා වුවද ඔවුන් ආපසු එන විට එහි ගමක් කියා දෙයක් තිබුණේ නැත. ඔවුන් පදිංචිව සිටි නිවසද සුන් බුන් වී තිබිණි. පසුව ඉන්දීය රජයේ සහ වෙනත් ආයතනවලින් ලද ආධාර මත මඳක් හිස ඔසවා ගැනීමට ඇයට හැකි වුවද දෙමාපියන්ගේ මරණ වෙනුවෙන් හෝ සිදු වූ හානි වෙනුවෙන් කිසිදු වන්දියක් නොලැබිණි.
‘‘අපි හයදෙනාටම රුපියල් 3000/- ක සමෘද්ධි ආධාරයක් ලැබෙනවා, ඊට අමතරව මගේ මාමා කරන උදව් උපකාරවලින් තමයි අපි ජීවත් වෙන්නේ. යුද්ධය නැති වුණාට අපේ අසරණකම නැති වෙලා නැහැ’’

ලක්ෂ්මනන් ධර්මරාජි
ධර්මරාජි 1995දී යුද්ධය නිසා අවතැන්ව, යාපනයේ සිට වන්නියට යන විට ළමා වියේ පසු වූ ලක්ෂ්මනන් ධර්මරාජි දසකයකට වැඩි අවතැන් දිවිය තුළදී විවාපත් වූවාය. තිදරු මවක වූ පසු 2008 වසරේදී ඇයට ස්වාමිපුරුෂයා අහිමි වෙයි. එල්ටීටීඊ සාමාජිකයින් බවට සැක කරන පිරිසක් විසින් පැහැරගෙන ගිය ඔහු ගැන කිසිදු තොරතුරක් අද වනතුරුම නැත. යුද්ධයෙන් විනාශ වුණු ඇගේ නිවස වෙනුවට නිවසක් ලැබී තිබුණද දරු තිදෙනා සමග ජීවත් වීම සඳහා දුෂ්කර අරගලයක යෙදෙන්නට ඇයට සිදු වී තිබේ. අවුරුදු 13 සහ 15 වයස්වල පසුවන පුතුන් දෙදෙනාගේත් 12 වැනි වියෙහි පසුවන දියණියගේත් අධ්‍යාපනය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වියදම් නැති වීම ඇය මුහුණපාන බරපතළම ගැටලූවයි.
‘‘වතුවල කුලී වැඩ කරලා තමයි මම දරුවන් ජීවත් කරන්නේ. එකම වෙලාවක් එකම වැඬේ කළත්  පිරිමි අයට රු. 800-1000ක් ගෙවනකොට ගෑනු අපට ගෙවන්නෙ රු. 500යි නැත්නම් 600යි. එහෙම හරි වැඩ තියෙන්නෙ සතියට දවස් දෙකයි, නැත්නම් තුනයි.’’
යාපනයේ පූන්තලීර් දිස්ත‍්‍රික් කාන්තා කමිටුවේ සභාපතිනිය ලෙසද කටයුතු කරන ඇය, මේ සමාජය හා සංස්කෘතිය විසින් ගෘහමුලික කාන්තාවන් වන ඔවුන් අවතක්සේරුවට හා සූරාකෑමට ලක් කරන බවද පැවසුවාය.
ජෙයරාණි වෙෙලෙපාඩු, පූනගරි ප‍්‍රදේශයේ පදිංචි අරුල්නේෂන් ජෙයරාණි (36) යුද්ධය නිසා ගෘහමූලික කාන්තාවක බවට පත් වුණු සය දරු මවකි. 2008 අගෝස්තු 20 වෙනිදා කිලිනොච්චියේ සිය නිවසින් අවතැන් වන විට පස්දරු මවක මෙන්ම ගැබිනියද වූ ඇය, සැමියා හා දරුවන්ද සමග වරින්වර ස්ථාන 15කට අවතැන් වෙමින් අවසානයේදී වන්නියට පැමිණියාය. සය මසක පමණ කාලයක් උග‍්‍ර ආහාර හිඟයකට මුහුණ දෙමින්, කුස තුළ සිටි දරුවා රැකගැනීමට ඇය දැරූ වෙහෙස අපමණය. ඒ අතර මුහුදු රැකියාවට ගොස් ආපසු එමින් සිටි ඇගේ ස්වාමිපුරුෂයාත් සෙල්ලතුරෙයි ආදිත්තන් නැමති ඇගේ සොහොයුරාත් 2009.04.04 වැනිදා අම්බලවන්පොක්කනෙයි ප‍්‍රදේශයේදී නාවුක හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිකොලා හා පවු‍ල
‘‘දවස් දෙකකට පස්සේ දැනගත්තා යාපනේ ඉන්නවා කියලා නමුත් ඉන් පස්සෙ කිසිම තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ. බැරිම තැන මම ළමයි 4දෙනාවම අසල්වාසින්ට භාරදීලා පොඩි ළමයවත් අරගෙන මහත්තයාවයි මල්ලිවයි හොයන්න එළියට බැස්සා.
ආනන්ද කුමාරස්වාමි කෑම්ප් එකේ නැවතිලා ඉදගෙන හොයන්න පටන්ගත්තා. රතුකුරුස සංගමයට දැන්නුවා, වව්නියාව කෑම්ප් එකට ගියා, නමුත් කිසිම තොරතුරක් ලැබුණෙ නෑ. ඒ අතරෙදි තමයි කෑම්ප් එකේදි කිසිම කෙනෙකුගේ සහයක් නැතිව මගේ 06 වෙනි දරුවාව බිහිකරන්නත් සිද්දවුණේ.’’
ඇගේ සැමියා ගැන අද වන තුරුම ආරංචියක් නැත. ස්ථිර ආදායම් මාර්ගයක් නැති ඇය දරුවන් ජීවත් කරවන්නේ කුලී වැඩ කිරීමෙනි. වැඩ කරන දිනක් සඳහා ඇයට ලැබෙන්නේ රු. 300-500 අතර මුදලකි. දරුවන් 6දෙනකුගේ කුසගිනි නිවීමටත්, ඔවුන් පාසල් යැවීමටත් වෙනත් ආදායම් මගක් නැත.

‘‘මගේ ළමයි නිතරම තාත්තා ගැන අහනවා. මාත් දරුවො එක්ක තාම මග බලාගෙන ඉන්නවා මහත්තයා එනතුරු.‘‘
මොන දේ නැති වුණත් ඒ මනුස්සයා හිටියනම් අපිව මේ තත්වෙට වැටෙන්නෙ නෑ’’ ඇය වේදනාබරව පැවසුවාය.
වැදගත් අධ්‍යයනයක් යුද්ධය නිසා වැන්දඹු බවට පත් වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි මේ වන තුරුම තහවුරු කළ සංඛ්‍යාලේඛන නැත. රාජපක්ෂ පාලන සමයේදී සම්පාදනය කෙරුණු ‘උගත් පාඩම් හා ප‍්‍රතිසංධානය පිළිබඳ කොමිෂන් වාර්තාව (LLRC) සඳහන් කරන පරිදි එම සංඛ්‍යාව 55,000කි. ඇතැම් වාර්තාවලට අනුව එය 80,000කට වැඩිය.
සංඛ්‍යාත්මක දත්ත සේම එම කාන්තාවන් පොදුවේ මුහුණපාන ගැටලූ හඳුනාගැනීම සම්බන්ධයෙන්ද මෙතෙක් පැවතියේ ඉතා අල්ප අවධානයකි. මේ අඩුව පිරවීමෙහි සමත් ඉතා වැදගත් අධ්‍යයනයක් මෑතකදී සිදු විය.
යාපනය, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම යන දිස්ත‍්‍රික්ක හතරෙහි යුද්ධය නිසා විපතට පත්ව ‘ගෘහමූලික කාන්තාවන්’ බවට පත් වූ 300 දෙනෙක් මෙම අධ්‍යයනය සඳහා සම්මුඛ සාකච්ඡුාවලට භාජනය කර තිබේ. ඔවුන් අතරින් 58 දෙනෙක් දස වතාවක් වත් අවතැන්භාවයට පත් වූ අය වෙති. සමීක්ෂණයට ලක් වූ කාන්තාවන් ගෙන් 55දෙනෙක්  අධි රුධිර පීඩනයෙන්ද 13නෙක් හෘද රෝගවලින්ද 13දෙනෙක් අක්ෂි ආබාධවලින්ද 7දෙනෙක් මානසික අබාධවලින්ද පෙළෙන බව වාර්තාව කියයි.
සුළුපන්න ධීවර ප‍්‍රජාව වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් වූ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ (නැෆ්සො) කාන්තා අංශයේ අනුග‍්‍රහයෙන් සම්පාදනය කෙරුණු මෙම වාර්තාව, මෙවර කාන්තා දිනයේදී උතුරේ ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් වෙත පිළිගැන්විණි. ඒ උතුරේ ගෘහමූලික කාන්තාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වව්නියාවේදී පැවති උත්සවයකදීය.

සම්බන්ධීකාරිකා ලවීනා හසන්ති
දෛනිකව මුහුණ දෙන පීඩා මෙවැනි අධ්‍යනයක ප‍්‍රමුඛම අපෙක්‍ෂාව වන්නේ උතුරේ ගෘහමූලික කාන්තාවන් දෛනිකව මුහුණ දෙන පීඩාවන් කෙරෙහි දැන්වත් අදාළ රාජ්‍ය බලධාරීන්ගේ දෑස් විවර කිරීම යැයි අධ්‍යන වාර්තාව සකස්කිරීමෙහිලා පුරෝගාමී වූ ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ සම්බන්ධීකාරිකා ලවීනා හසන්ති අධ්‍යයන වාර්තාව දොරට වැඞීමේ අවස්ථාවේදී ප‍්‍රකාශ කළාය.
”ඔවුන්ට සමාජයේ අනේකවිධ අසාධාරණකම්වලට මුහුණ දෙනවා. ඔවුන්ගේ ඉඩම් සහ දේපළ තවමත් ආණ්ඩුව භාරයේ නැතිනම් ආරක්‍ෂ අංශ භාරයේ තබාගෙන සිටීම නිසාත්, ජීවනෝපායන් අහිමි වීම නිසාත්, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබෙනවා. දිළිදුකම, විරැකියාව, හුදකලා බව,දූෂණය වීම්, කායික සහ මානසික වශයෙන් පීඩාවට ලක් වීම, ශ‍්‍රමය සූරාකෑමට ලක් වීම, කොන් කිරීම්වලට සහ වෙනස්කම්වලට ලක් වීම ආදියෙන් ඔවුන් නිරන්තරයෙන් පීඩාවට ලක් වෙනවා.” යැයි ලවීනා හසන්ති පැවසුවාය.
මෙම කාන්තාවන්ගේ ජීවිත ගොඩනැගීම සඳහා වන කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇය අවධාරණය කරයි.


Sunday, March 19, 2017


 24000 people disappeared due to war in noth and East.So Family members ask thier children from the Government .....People strated Sathyagraha in Vavuniya .we supported them today after the International women day celebration.

 









Was conducted at cultural hall of Vavuniya.Women and civil society leaders form 16 district participated this event.Women leaders 
from Jaffna,Killinochchi,Trincomalee and Gampaha speech out thier issues and also Political leaders and Government officers also gave thier veiws òn the Wonen issues. Inthe same time they appreciated pilakkuddriuppu women called Satheesh Kawushalliya who gave the leadership for their land issue.
 


































Categories

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget