Friday, October 24, 2014



2014-10-07 - යාපනය දිස්ත‍්‍රික්කය 



2014-09-15 වැනි දින උතුරු පළාත් මහා ඇමතිතුමා හමුවූ අවස්ථාවේ අවතැන්ව ජීවත්වන ගෘහ මූලික කාන්තාවන් පිළිබඳව කල සාකච්ඡාවේදී එතුමා පවසා සිටියේ ගෘහමූලික කාන්තාවන්ගේ ආර්ථීකය ගොඩනැගීම සඳහා ආධාර උපකාර කල හැකිබවත් අප සංවිධානය විසින් සඳහා ඔවුන්ගේ ස්වයං රැකියා පිළිබඳව ව්යාපෘතියක් සකස් කොට එතුමාට ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. අනුව යාපනය සහ මන්නාරම යන දිස්ත‍්‍රික් ක‍්‍රියාකාරීන්මේ ක‍්‍රියාවලිය පිළිබඳව අප විසින් දැනුවත් කල අතර සඳහා ගම්මාන හා අවතැන් කඳවුරු වල ප‍්‍රථීලාභීන් තෝරා ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබුනි. අනුව ඹවුන් කල මූලික
ක‍්‍රියාකාරකම් පිළිබඳව මෙම සාකච්ඡාවේදීද සාකච්ඡා කළෙමු. මේ වන විට ගම්මාන හා ප‍්‍රතිලාභීන්ගේ  ඉල්ලූම් පත‍්‍ර පුරවා ඇති අතර ගම්මාන වල හා අවතැන් කඳවුරු වල මූලික පසුබ්මද  ලිඛිතව සටහන් කර තිබුනි

මෙහිදී ප‍්‍රතිලාභීන් තෝරා ගැනීම සිදු කරනුයේ ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සමඟ බද්ධවී ජන අයිතීන් වෙනුවෙන් කටයුතු කරන  ගෘහමූලික කාන්තාවන්ට පමණක් අවස්ථාවක් ලබා දීම විශේෂ කාරණාවකි. අනුව තෝරාගත් ගම්මාන අවතැන් කඳවුරු හා තෝරාගත් සංඛ්‍යාව පහත පරිදිය

මන්නාරම දිස්ත‍්‍රික්කය 
  
ග‍්‍රාමය හෝ අවතැන් කඳවුර   
ග‍්‍රාමයේ ගෘහ මූලික කාන්තාවන් සංඛ්‍යාව
අප සමඟ බද්ධව කටයුතු කරන සාමාජික සංඛ්‍යාව
ස්වයං රැකියා සඳහා තෝරාගත් රතිලාභීන් සංඛ්‍යාව
තෝට්ටවේලී
50
30
30
ජීවපුරම්
19
15
11
ජිම්රොනගර්
09
09
09
උප්පුකුලම්
30
20
19
ශාන්තිපුරම්
31
31
31
මුල්ලිකුලම්
21
15
15
පල්ලිමුනේ (නිවාස ව්යාපාතිය
23
13
8

මුළු සංඛ්යාව
183
133
123

යාපනය දිස්තරික්කය

ග‍්‍රාමය හෝ අවතැන් කඳවුර
ග‍්‍රාමයේ ගෘහ මූලික කාන්තාවන් සංඛ්‍යාව
අප සමඟ බද්ධව කටයුතු කරන සාමාජික 
සංඛ්‍යාව
ස්වයං රැකියා සඳහා තෝරාගත් ප‍්‍රතිලාභීන්  සංඛ්‍යාව
නීදවාන්  කඳවුර
20
13
04
කෝනට්පුලම් කඳවුර
36
15
09
සභාපති  කඳවුර
31
20
04
යෝගපුරම්  කඳවුර
14
14
06
කන්නගි කඳවුර
36
07
07


දිස්ත‍්‍රික්කය 02 හි සජීවකයින් සමඟ කල සාකච්ඡාවෙන් අනතුරුව උතුරු පළාත් මහ ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් සුන්දරලිංගම් මහතා හමුවී ව්‍යාපaතිය සඳහා මෙතෙක් අප විසින් ක‍්‍රියාත්මක කර තිබෙන මූලික ක‍්‍රියාකාරකම්  පිළිබඳව පැහැදිලි කල අතර එතුමාගේ අදහස් විමසන ලදී  එහිදී එතුමා මෙම ක‍්‍රියාවලියඉතාමත් යෝග්‍ය ක‍්‍රියාවක්  බවත් ස්වයං රැකියා සඳහා ආධාර ලබාදුන් පසු එය අධීක්ෂණය කිරීම සඳහා වන වැඩපිළිවෙලක් යෝජනා කරන ලෙස ඉල්ලා සිටින ලදී.




සහභාගීවූවන් 

එන් ඉම්බනායගම් - සම්බන්ධීකාරක, යාපනය දිස්ත‍්‍රික්කය  ධීවර සහයෝගීතාව, යාපනය
ටී.ජෙයචිත‍්‍රා- සජීවක, යාපනය දිස්ත‍්‍රික්කය  ධීවර සහයෝගීතාව, යාපනය
සුබ‍්‍රමනියම් - සභාපති උතුරුපළාත් ධීවර එකතුව
මේරි ජෙරාල්ඞ් ප‍්‍රියන්තා - සජීවක මන්නාරම දිස්ත‍්‍රික්කය  ධීවර සහයෝගීතාවය
වර්ජි ෆ්ලොරන්සි - සජීවක මන්නාරම දිස්ත‍්‍රික්කය  ධීවර සහයෝගීතාවය
ලවිනා හසන්ති - කාන්තා වැඩසටහන් සම්බන්ධීකාරිකා, ජාතික ධීවර සහයෝගීතා ව්යාපාරය
ඇන්ටනි ජේසුදාසන් - උතුරු නැගෙනහිර වැඩසටහන් සම්බන්ධීකාරක, ජාතික ධීවර සහයෝගීතා ව්යාපාරය














0 comments:

Post a Comment

Categories

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget