වලර්පිරෙයි දිස්ති‍්‍රක් ගෘහමුලික කාන්තා කමිටුව මන්නාරම දිස්ති‍්‍රක් ධීවර
සහයෝගීතා ව්‍යාපාරයේ කාර්යාලයේදී පවත්වන ලදී. දිස්ති‍්‍රක් කමිටුව ගම්මාන 13 ක කාන්තාවන් නියෝජනය
වුවත් එදින වාර්ෂාව නිසා ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන 10 ක කාන්තාවන් පමණක්
සහභාගී විය. එහිදි මෙම ගම්මානවල ජනතාව මුහුණ
දෙන ගැටඵ ග‍්‍රාමීය වශයෙන් ඉදිරිපත් කරන ලදී. එහිදි සාන්ති පුරම් / ජිමිරෝනගර් යන ගම්මානවල
කාන්තාවන් ඉතාමත් දුෂ්කර ලෙස ජිවත්වන බව පැහැදිලි කරන ලදී.
ඉන් පසුව මෙම ගම්මාන 13 ජිවත්වන ජනතාව මුහුණදෙන
ගැටඵ පිළිබදව මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයට / මහ නගර සභාවට භාර දුන් පෙත්සම
සම්බන්ධ සාකච්ඡ කරන ලදී. මේ වන තුරු කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවත් තවමත්
ජනතාව පෙර පරිදිම ඉතාමත් දුෂ්කර ලෙස ජිවත්වන බවත් ප‍්‍රකාශ කරන ලදී. එම නිසා නැවතත්
දිස්ති‍්‍රක් ලේකම් සමග මේ පිළිබද සාකච්ඡ කිරීමට
යෝජනා කර ඇති අතර මෙම ගැටඵ පිළිබදව වගකිව යුතු නිළධාරීන් සහ රටේ ජනතාව දැනුවත් කිරීමට
මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වීමට තීරණය කරන ලදී .
0 comments:
Post a Comment