Friday, December 19, 2014




අම්පාර දිස්ත‍්‍රික්කයේ අට්ටාලච්චේන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් තිරායිකේනි. පාලමුනේ, අෂaරොෆ්නගර්, අට්ටාලච‍ෙචින, ඔලූවිල්ල යන ග‍්‍රාමයන්ගේ අවතැන්ව ජිවත්වන ගෘහමූලික කාන්තාවන් සහා අනිකුත් අවතැන්වූ පවුල් මුහුණදෙන මූලික ප‍්‍රශ්න, එනම් නිවාස නොමැතිකම, ඉඩම් ගැටලූ ජල පහසුකම් නොමැතිවීම,අලි ප‍්‍රශ්නයල ධීවර කර්මාන්තයේ නියැලීමේදී ඇති වන ගැටළු, විශේෂයෙන්ම අෂරොෆ්නගර් ග‍්‍රමයේ මිය යන පුද්ගලයින් භූමදානය සඳහා කනත්තක් නොමැති වීම. වැනි විශාල ගැටළු ග‍්‍රාමීය මට්ටමින් සවිස්තරාත්මකව පෙත්සමක් ආකාරයෙන් ලිඛිතව සටහන් කර, 2014.11.27 වන දින, කිලක්කි සූරියන් අම්පාර දිස්ත‍්‍රික් ගෘහමූලික කාන්තා කමිටුවේ නියෝජිතයින්, අම්පාර දිස්ත‍්‍රික් ධීවර සහයෝගීතාවයේ නියෝජිතයින්, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ නියෝජිතයින් 70 පමන පිරිසක් පාගමනින් ගොස් අට්ටාලච්චේන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රාදේශීය ලේකම්තුමාට පෙත්සම භාරදුන්හ.


එහිදී නියෝජිත පිරිස විසින් ඔවුන් වර්තමානයේ මුහුණදෙන ගැටලූ පිළිබඳ දීර්ඝ පැහිදිළිකිරීමක් කරන ලදී. ඉන් පසුව ප‍්‍රාදේශීය ලේකම්තුමා එම ගැටලූ සොයා බලා කඩිනම් විසදුම් ලබාදෙන බවට පොරොන්දු විය.











0 comments:

Post a Comment

Categories

EMPOWERING WOMEN FOR FUTURE

Powered by Blogger.

Recent Comments

Search This Blog

Puntaleer - Women Committee Jaffna District at 2015.01.19

Petition hand over by nafso to batticaloa ds office

Handing over a petition on the issues of IDPs and women headed families in Ampara

Popular Posts

Recent Posts

Text Widget