ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා සම්මේලනය 2020 ජනවාරි 24 වන දින ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පුහුණු ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණී. මෙම අවස්ථාව සදහා මීගමුව, ගාල්ල, මාතර, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, මාතර, කළුතර, යාපනය, මන්නාරම, කිලිනොච්චිය. මුලතිව්, මඩකලපුව, ති‍්‍රකුණාමලය, අම්පාර යන දිස්ත‍්‍රික්ක 14 කින් පැමිණි කාන්තාවන් 42 පමණ මෙම අවස්ථාව සදහා සහභාගි වූහ. ජාතික කාන්තා සම්මේලනයේ සමසභාපතිනි කේ.පී. පද්මලතාමිය විසින් පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම සිදු කළා ය. ජාතික කාන්තා සම්මේලනයේ උප ලේකම්වරිය වු රිමාලිකා මහත්මිය විසින් පසුගිය කාන්තා සම්මේලනයේ වාර්තාව ඉදිරිපත් කළා ය. වාර්තාවේ මතු වු කරුණු පදනම් කරගෙන සාකච්ඡුා කිරීම හා වාර්තාව සම්මත කිරීම ඉන් අනතුරුව සිදු විය. 2019 වර්ෂයේ දිස්ත‍්‍රික්ක වශයෙන් ක‍්‍රියාත්මක කළ විශේෂ වැඩසටහන් පිළිබදව ඉදිරිපත් කිරීම හා එම වැඩසටහන්වලින් සිදු වු බලපෑම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළහ. උතුරු දකුණු ධීවර හා කාන්තා අත්දැකීම් හුවමාරු වැඩසටහන කිලිනොච්චිය හා ගාල්ල දිස්ති‍්‍රක්කවල ඇන්තනී ජේසුදාසන් මහතාගේ මූලිකත්වයෙන් සිදු විය. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා විසින් වර්තමාන දේශාපාලන තත්වය තුළ කාන්තා නායකත්වයේ වගකීම සම්බන්ධයෙන් දැනුවත් කළේ ය. ඉන්පසුව 2019 වර්ෂයේ සිටි නිලධාරී මණඩලය ඉවත් වීම හා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදු විය. අනතුරුව 2020 වර්ෂයේ ඉදිරි මාස 04 වැඩ සැලැස්ම සකස් කර ගැනීම ලවීනා හසන්ති මහත්මියගේ මූලිකත්වයෙන් සිදු වූවා ය.
Sunday, May 30, 2021
12:25 AM
WODEPnew
No comments
Related Posts:
“Udayam” women headed committee in Trincomalee Discussion and asking their views form “Udayam” women headed committee in Trincomalee, on women headed families on level of economy and conflict situation among women headed families who received goods equipments and… Read More
Post harvest Training Date- 25th of April 2014 Venue- Temple of Jayasmanaramaya, Trincomalee Objective of the training- To provide technical training to make sweet for the women headed families who have already engaged with th… Read More
Training about Natural (Organic) Farming Home Grading Program Venue: AHEAD Center Trincomalee Date: 2014.04.24 at 9.00am to 2.00pm Target Group: Members of Women Headed Family District group and Village lev… Read More
Trincomalee Field Visit … Read More
Discussion and asking their views form “Marumalchchi” women headed committee in Baticola, on women headed families on level of economy and conflict situation among women headed families who received goods equipme… Read More
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment